Thursday, July 7, 2011

විජය පුවත්පත













අපේ අරමුණ
දැනුම, කුසලතා, ආකල්ප තුළ
දරුවන් පෝෂණය කිරීමයි

විජය පුවත්පත මෙරට ළමා පරපුර උදෙසා බිහි වූ පුවත්පත් අතර සුවිශේෂි ළමා පුවත්පතකි. ළමා පුවත්පතක් ලෙස විජය පුවත්පත ආරම්භ වන්නේ 1980 වර්ෂයේ දීය. ආරම්භක කතුවරයා වන්නේ කිත්සිරි සමරනායක මහතා ය. ඉන්පසුව දෙල්තොට චන්ද්‍රපාල මෙහි කතුවරයා වූයේය. ආරම්භයේ දී පිටු 16 කින් සමන්විත වූ විජය පුවත්පත අද වන විට පිටු 32ක් දක්වා වර්ධනය වී ඇත. ගී‍්‍ර ලාංකික දුවා දරුවන් බොහෝ දෙනෙකු විජය පුවත්පත කියවා ඇති අතර විජය ලාංඡනය  ඕනෑම අයෙකුගේ මතකයේ රැදී ඇති සිතුවමකි. විජය පුවත්පතේ පළ වන ”මල් මාමා” කාටුන් චිතය පිළිබඳව නොදත් දරුවෙකු මෙම කාල පරාසය තුළ ගැබ්ව ඇති අධ්‍යාපනික කරුණු ඔවුන් සහ විජය පුවත්පත අධ්‍යාපනය ලබන 6 වසරේ සිට 12 වසර  දක්වා වූ වස අවුරුදු 11ත් 17 අතර ශිෂ්‍ය කණ්ඩායම් විජය පුවත්පතෙහි ඉලක්කගත කණ්ඩායම් වේ. ඔවුන් සඳහා ගැපපෙන අධ්‍යාපනික තොරතුරු විජය පුවත්පත තුළින් හැම විටම ඉදිරිපත් කෙරේ. සතිපතා පලවන විජය පුවතපත සෑම සතයකම අඟහරුවා දා දින ප‍්‍රකාශයට පත්වේ.
විජය පුවත්පත මුද්‍රණයේ දී එක් එක් පළාත් සඳහා විශේෂ වූ අතිරේක ද මුද්‍රණය කරයි.එවැනි අතිරේක හතරක් මුද්‍රණයවේ. රන්මුතු(කොළඹ,ගම්පහ කළුතර) ගජමුතු (මහනුවර, නුවරඑළිය, ති‍්‍රකුණාමලය, අනුාධපුර, පොලොන්නරුව, කෑගල්ල, කුරුණෑගල)
මිණිමුතු (ගාල්ල,මාතර, අම්පාර, මොනරාගල,රත්නපුර)
දිරියමුතු (හම්බන්තොට විශේෂ කලාපය)
විජය පුවත්පතෙහි මෙම අතිරේක හතර ඒඒ ප‍්‍රදේශ වලට අදාල පරිදි ප‍්‍රාදේශීය ළමා පුවත්, එකි ප‍්‍රදේශවලට අයත් පාසල් දුවා දරුවන්ගේ නිර්මාණ ඉදිරිපත් කරනු ලැබේ.
විජය පුවත්පත මෙරට ළමා පුවත්පතක් වන හෙයින් ඒවායේ ඉලක්ක ගත පාඨක කණ්ඩාම ළමා පරපුරවේ. එම නිසා විජය පුවත්පත් සමාගමේ ළමා පුවත්පහි පරමාර්ථ ළමා අධ්‍යාපනය සැකසිමට ඉවහල්වන ආකාරයේ පුවත් සහ දැනුම ලබාදීමේ අරමුණු සමග පෙරදැරිව ඇත. ළමා පුවත් පතකින් ඉටුවිය යුතු කාර්යභාරය කුමක්දැයි මුලින්ම වටහා ගැනීම වැදගත්ය.
ජාතික පුවත්පතකින් බොහෝදුරට එදිනෙදා ප‍්‍රවෘත්ති පාඨකයන් වෙත ගෙනයාම සිදුවන බව නොරහසකි.එසේ නොවුණ හොත් ජාතික පුවත්පතකින් ඇති ප‍්‍රයෝජනතාව බිඳ වැටේ.එමෙන්ම ළමා පුවත්පතකන් ඉටුවිය යුතු කාර්යය වන්නේ ළමයින් වෙත ප‍්‍රවෘත්ති ගෙනයාම නොව ළමා අධ්‍යාපනය සාරවත් කරගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම වේ. මේ කර්තව්‍ය සිදු කිරීම එතරම් පහසු නොවේ. ළමා අධ්‍යාපනය නැංවීම පාසල තුළින් සහ අනෙකුත් අධයාපනික ආයතන තුළින් සිදුවේ. පාසල තුළින් ලබා දෙන අධ්‍යාපනයම පුවත්පතක් තුළින් ලබා දීම ප‍්‍රායෝගික නොවන බව විජය කර්තෘ ම්ඩලයේ හැඟීමයි. මුද්‍රිත මාධ්‍යක් ලෙස ළමා පුවත්පතකට සුවිශේෂී කාර්යයක් පැවරී ඇති බව හඳුනාගත හැකිය. ළමා අධ්‍යාපනය ගොඩනැංවීමේ අරමුණින් ප‍්‍රකාශ වන ළමා පුවත්පත්වලට  ඒ අනුව ජයගත යුතු අභියෝග පවතින පෙන්වා දිය හැකි අතර  ඒවා නිරාකරණය කරගැනීම මත පුවත්පතේ පැවැත්ම තහවුරු වන බව සඳහන් කළ හැකිය. විජය පුවත්පත ළමා අධ්‍යාපනය සඳහා දක්වන දායකත්වය වටහා ගැනීම පහසු වනු ඇත.
පාසල තුළින් ලැබෙන දැනුමට අතිරේක ලෙෂ විකල්ප අධ්‍යාපයක් ලබා දෙමින් මෙරට සිසුන් දැනුමින් පෝෂිත කිරීම විජය පුවත්පතේ මුලික පරමාර්ථ ලෙස දැක්විය හැකිය. විජය පාසල තුළ පවත්නා අධ්‍යාපනය සහ ළමා පුවවත්පතකින් දය යුතු අධ්‍යාපනය පිළිබඳ මනා අවබෝධයකින් කටයුත කරයි.
පාසල තුළින් සේම ළමා පුවත්පතින් ද ඉටුවිය යුතු අධ්‍යාපනික මෙහෙවරවන්නේ දුවා දරුවන් දැනුම, කුෂලතා, ආකල්ප වර්ධනය කරවීමයි. ඒ අනුව මොළය සහ හදවත සහ හසුරු කුසලතා හෙවත් 3H ( Head, Hart,Hand) සංකල්පය සංවර්ධනය කරමින් රටට වැඩදායි දරුවන් පිරිසක් බිහි කිරීම පාසලේ මුලික අධ්‍යාපන අරමුණ වනවා සේම ළමා පුවත්පත ද අවසන් අරමුණ විය යුත්තේ එයමය. විජය පුවත්පත ද ඒ සඳහා කැප වී සිටින අතර වඩා නිර්මාණශිලී ලෙස මෙම සංකල්පයන් වර්ධනය කිරිමට උත්සහ ගන්නා ආකාරය ඔබට හඳුනගත හැකිය. ඒ අනුව විජය පුවත්පතේ අධ්‍යාපනික අරමුණු 3 H සංකල්පය වටා ගොඩනංවා ඇත.

1 comment:

  1. What is the coin casino? - Casinoowed.com
    The coin casino is an online gaming company in Asia and has a lot going for it. kadangpintar However, this company is very large in Asia 메리트카지노 and not very popular. 인카지노

    ReplyDelete